Thursday, April 17, 2014

අද බොන්ඩත් නැති එකේ...කන්ඩ වරෙන්..

14 වෙනිදා අවුරුදු දවසෙත් මම වැඩ. මෙහෙට ඉතිං අවුරුදු පාටක් වත් නෑනෙ.කොහොම උනත් අවුරුද්ද කොහොම හරි යාලුවො එක්ක රෑ වෙල සමරනව කියල හිතාගෙන උදෙන්ම නැගිටල නැකත් බල බල හිටියොත් ඔෆිස් යන්න බැරි වෙන නිසා ටක් ටක් ගාල පරිප්පුවකුයි, ඔම්ලට් එකකුයි තව සැරට මොනා හරි ඕන නිසා ගාර්ලික් පිකල් බොතලෙන් ටිකකුයි දාගෙන් ඔෆිස් ගියා. ඔය ඉන්දියන් අච්චරු වලට මන් නම් මාර ආසයි. අල් මීරා එකට ගියාම අනිවාර්යෙන් එකක් ගන්නව..මන් ආසම මැන්ගො පිකල් එකයි ගර්ලික් පිකල් එකයි තව තියනව මික්ස් පිකල් එකකුත්..ඕකෙන් ටිකක් බත් එකට දාගත්ත නම් ලුණු ඇඹුලට නියමයි.

මේ වගේ බෝතල් වල තමයි එන්නෙ ඔය අච්චාරු

හවස ඔෆිස් එකේ ඉන්න ගමන් මගෙ යලුවො දෙන්නෙක් කෝල් එකක් දුන්න හවසට මොනා හරි කරමු පුලුවන්නම් බෝතලයක් හොය ගන්න කියල.මේ අවුරුදු දවස් නිසා ගොඩක් අඳුරන ටැක්සි අය්යල ලංකාවට ගිහිල්ල.වෙන දවසක් නම් කෝල් එකක් දුන්න ගමන් පැයක් ඇතුලත බඩු ගෙදරටම එනව..හැබයි ඉතිං බ්ලැක් මාකට් ගානට තමයි. දන්නවනේ මේ කටාර් වල මද්‍යසාර වලට පොඩ්ඩක් විතර කරදරයි.බලපත්‍රයක් නැත්තම් ගන්න බෑ.ඔය ලිකර් ලයිසොන් එක ගන්න බැරි කමකුත් නෑ හැබයි සමහර කම්පනි වල ඒකට අවසර දෙන්නේ නෑ.හරියට මේ අපේ එක වගේ..

දැන් ලයිසන් තියන යළුවොත් අද නෑ බෝතලයක් හොයා ගන්න.වැඩි ගානට එලියෙන් ගන්න කෙනෙකුත් නෑ.පස්සේ මම වඩේ අතැරල දැම්ම.අරුන් දෙන්නටත් කතා කරල කිව්ව අද නම් වැඩේ හරියන පාටක් නෑ...අද බොන්ඩත් නැති එකේ...කන්ඩ වරෙන්.අපි රෑ වෙලා උයමු කියල. ඒ පාර මුන් දෙන්නට මලක් අදින්න ඕනෙලු.හරි එහෙනම් එකවත් කරන්න ඉස්සෙල්ලම ගෙදර වරෙල්ලකො කියල මන් ආයෙත් වැඩ. එදා නම් හරියටම 6ට ඔෆ් වෙලා කෙලින්ම ගෙදර ගියේ. හැබයි තාම උයන්නෙ මොනාද කියල හිතල නෑ. අරුන් ඩබලට අයෙත් කෝල් කලා...

"මචං බැස්ටි මොනාද බං රෑට උයන්නේ..?"

"ම්ම්ම් කහ බත් නම් අනිවාරෙන් ඕනා..චිකනුත් ඔනේ.."

"හරි මම හෙශාටත් කතා කරල බලන්නම් මොනාද හදන්නෙ කියල ..උඹල දෙන්න ඉක්මනට වරෙන්.."

"හරි මම විනාඩි 20න් එනව..පොඩි බඩ්ඩකුත් හම්බ උනා.."

අනිකට කතා කරාම උට අන්නාසි ඕනෙලු, අරක ඕනෙලු මෙක ඕනෙලු. අන්තිමට තුන්දෙනාගෙම කමැත්තෙන් මෙන්න මේ ටික තමයි අපි ඉව්වෙ..

කුකුල් මස් උයලා, අල බැදුන් හදල, අන්නාසි උයලා , කහ බත් ඉව්ව ගිතෙල් දාල..තව පපඩනුත් බැද්දා.

ඔය ඔක්කොම උයල පිහල කන්න කලින් පොඩි කක්කි වැඩකුත් කරල බඩ පැලෙන්න කෑව.මොනා කලත් තමන් උයල තියන දෙයක් තව කෙනෙක් රසයි රසයි කියල කනකොට පුදුම සතුටක් දැනෙන්නෙ..


එහෙනම් හැමෝටම මී කිරි,පිටි කිරි, මුදවපු කිරි, කල් කිරි වලින් පිරිච්ච ටින් කිරි ගාගන්නෙ නැති එල කිරි අවුරුද්දකි වෙවා..!!

Read More
© රාගමයා All rights reserved |