වෙලාව රාත්‍රි 7.45 ට පමණ ඇත.කොටුව දුම් රිය ස්තානයේ කර්කශ යකඩ කටෙ සද්දයත් කලබලයෙන් එහෙ මෙහෙ දුවන මිනිසුනුත් අතර එක් කෙලවරක බංකුවක් මත හිඳගෙන කත බහේ යෙදෙන පෙම්වතුන් යැයි කිව හැකි තරුණ යුවලකි.බැලූ බැල්මට ඔවුන් උසස් පෙල වයසේ ටියුශන් පන්ති ගොස් ගෙවල් බලා යන්නට සිටින තරුණ පෙම්වතුන් යුවලක් සේ පෙනුනයින් කවුරුත් ඔවුන් ගැන වැඩි තැකීමක් නොකලහ.
යාළුවො සෙට් එකත් එක්ක බම්බලපිට්යෙ රවුමක් ඇවිත් ගෙදර යන්න කොච්චිය අල්ල ගන්න කොටුවට ආපු චන්න මෙ දෙන්න ඉන්නව දැක්ක.චන්න කියන්නෙ තුෂාරගෙ හොඳ යාලුවෙක්.හැබයි තුෂාරගෙයි කෙල්ලගෙයි මුහුනු වෙනදට වඩා ටිකක් අවුල් වෙලා මොකක් හෝ ප්‍රශ්නයක් බව දැක්ක චන්න ගිහින් කත කරන්න හිතුව.
"මචං මොකද මෙතන දෙන්නත් එක්ක මූනත් අවුල් කරන් ?"
"අහ්.. චන්නය.. මචං පොඩ්ඩක් වරෙන් මෙහාට." කියපු තුෂාර චන්නත් එක්ක පොඩ්ඩක් එහාට උනා.
"මොකද බන් කේස් එක?"
"බලපන්කො මාර සීන් එකනෙ..මේකිට ගෙදර යන්න බෑ කියනවනෙ බන්. මොනා වෙලාද මන්ද. මට පිස්සු හැදිල ඉන්නෙ බන්.."
"යකෝ ඒක මාර වැඩක්නෙ..උඹට පිස්සුද බන්.. මෙන්න මේ පිස්සු නැතුව අන්ජලීට ගෙදර යන්න කියල උඹත් පලයන් , දැන් රෑ වෙලත් එක්ක නෙ.."
"අනේ මන්ද බන් ඒකි අය්යත් එක්ක රන්ඩු උනාලු,අරකලු මේකලු, එයවත් එක්කන් කොහෙ හරි යමුලු..මන් මොනාද බන් දැන් කරන්නෙ..?"
"මේ මේ.. තුෂාර පිස්සු වැඩ කරන්නැතුව ගෙවල් වලට පලයන්. ඔන්න ට්‍රේන් එක එනව... වරෙන්.... වරෙන්...."
"හරි උම්බ නැගපන්කො මන් අරයවත් එක්කන් එන්නම්"
චන්න කොච්චියට නගින තුරු බලන් හිට්ය තුෂාර අයෙත් අන්ජලි ගාවට ලන් උනා.පහුගිය පැය තුන හතරට වෙච්ච දේවල් ටිකට තුෂාරගෙ ඔලුව යකාගෙ කම්මල වගෙ.තවමත් උසස් පෙල හදාරන කොල්ලෙක් වෙච්ච තුෂාරට මෙ ප්‍රශ්නය විසඳගන්න තෙර්න්නෙ නෑ,මොනා කරන්නද කියල හිත හිත අයෙත් බංකුවෙ වාඩි උනා.
"අනේ අපි ගෙදර යමු අන්ජලී,ඔච්චර මුරන්ඩු වෙන්න එපා."
"ඔයාට ඔනෙ නම් යන්න, මට බෑ බෑ බෑ බෑමයි. අයෙත් අහන්නත් එපා"
අන්ජලි කියන්නෙ තුෂාරගෙ කෙල්ල.තුෂාරට වඩා ගොඩාක් හුරතලේට හැදිල තිබුන නිසා එයා ගොඩක් හිතුවක්කර මුරන්ඩු කෙල්ලෙක්.තුෂාරට තිබ්බ ලොකුම ප්‍රශ්නයත් ඒකයි.වෙලාවකට කිසි කෙනෙක් කියන දෙයක් අහන්නෙ නෑ. නමුත් තුෂාර අන්ජලීට ගොඩක් ඇලුම් කලා.
"ඔයාව මන් මෙතන තනියම දාල යන්නද කියන්නෙ. අනික අපි මේ වෙලවේ කොහේ කියල යන්නද..අපි ගෙදර යමු"
පැය කීපයකට පෙර...
එදා සෙනසුරාදා දිනයකි..සුපුරුඩු පරිදි උදේ ක්ලාස් වලින් පසු යහලුවන් සමග ගම්පහ වලේ කඩෙන් මොනා හෝ බඩට ඔබාගෙන තුෂාර ගියේ අන්ජලීව මුනගැසෙන්නටය.ඇයත් සමග මුහුදු වෙරළට වී පැය කීපයක් දොඩමලු වන සතියේ එකම දවස වන සෙනසුරාදා දවස තුෂාර කොහොමටවත් වරද්දන්නේ නම් නැත.
දම් පාට,රොස පාට හා රත්තරන් පාටින් රටා මැවිච්ච ඉර බැස ගිය අහස දිහා බලන් උන් තුෂාරට එකවරම මතක් උනේ දැන් ගෙදර යා යුතු බවයි.
"අපි දැන් යමු නේද අන්ජලී ?"
"මට බෑ"
"අහ්..ඒ මොකද මේ එකපාරටම?"
"මට බෑ..මට යන්න ඔනෙ නෑ.."
"ඔයා විහිලු කරනවද? යමු යමු..දැන් කරුවලත් වැටීගෙන එනව..අනේ අපි ගෙදර යමු සුදෝ..."
මේකි කොච්චර කිව්වත් නාහෙට නාහන බව තුෂාර හොඳටම දන්නව උනත් මෙඣ් වගෙ තීරණයක් ඔය වගේ පොඩි සිද්දියක් ලොකු කරන් මේ කෙල්ල ගනීවි කියල නම් කීයටවත් තුෂාර හිතුවෙ නෑ.කෙල්ලො මෙච්චර බොලඳද,මෝඩද,අහන්කාරද කොටින්ම කියනව නම් මිනිස්සු අදරේ කරනව කියන්නෙ මේකටද?
හරි මන් දැන් මෙයාව එක්කන් ගියා කියමුකෝ, එත් කොහේ කියල එක්කන් යන්නද, ගෙදර යන්නත් සල්ලි අතේ තියෙන්නෙ ගානට බස් එකට, ඒකත් අම්ම දුන්නෙ, අනික මන් මේ වගෙ තීරනයක් ගත්තොත් අම්මල මොනා හිතයිද, යාලුවො මොනා නොකියයිද, උස්සන් ගියාට මේකිට මන් කන්න දෙන්නෙ කොහොමද , මට කොහින්ද රස්සාවක්වත් තාම.?තුෂාර නිකන් පිස්සුවෙන් වගේ කල්පනා කරනවා.
"හරි අපි යමු.., එන්න." කිව්ව තුශර අන්ජලීවත් අරන් අන්තිමට තරුණ කමට තියන බොලඳ කමටත්, කෙල්ලගෙ මුරන්ඩු කමටත් යටත් උනා. ඔහෙ අරමුණක් නැතුව පටන් ගත්ත ගමන ඊට පැය කීපයකට පස්සෙ නතර උනේ කොටුව ස්ටේශන් එකෙන්.
දැනට නවතින්නම් ඉතුරු ටික අනිත් පෝස්ට් එකෙන්....