Tuesday, May 13, 2014

කනව අම්මපා.. දන්සල් සේරම

පින්තූරය මෙතනින් ගත්තේ


හෙට වෙසක් පෝයට පන්සලකට
යන්ට ආසයි මේ මට
ඇයි..කොල්ලොත් එක්ක රෑ දන්සලකට
චැහ්, එවා කොයින්ද මේ වැල්ලට

හෙටත් උදෙන්ම නැගිටගෙන
මසාලා තේ ටික එක උගුරට බීගෙන
දඩි බිඩි ගා නාගෙන
කට්ට අවුවේ දුවමි වැඩට පිඹගෙන

වෙසක් කූඩු නැත
බකට් නැත
පල්ලි නම් ඇත
ලයිට් දමා හතර අත

හවසට  වැඩ ඇරුන ගමන් පිම්මෙන්
යනව පයින්ම පැනල එහා පාරෙන්
දන්සල් කන්න තියන අමර ආසවෙන්
ෆලා ෆිල් දෙකක්ම කනවා තුර්කි කඩෙන්

හිටුකෝ ඊළඟ පාර ආවම
බලනව වෙසක් කොළඹ පුරාම
යන්නේ නම් නෑ එලවනකම්ම
කනව අම්මපා.. දන්සල් සේරම
Read More

Monday, May 12, 2014

නූතන වහල් දේශය



කටාර් රාජ්‍ය කියන්නෙ ලොකේ තියන ධනවත්ම රටවල් වලින් එකක්.හරියටම කිව්වොත් කටාර් තමයි ලොකේ ධනවත්ම රට.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2013 වසර වන විටත් ඔවුන් සිටින්නෙ අංක 01ට. 1940 වසරෙදි මොවුන් තෙල් නිධි හොයා ගන්නවත් සමගම ඉතාමත්  කුඩා ආර්ථිකයක් තිබ්බ කටාර් රාජ්‍ය අද අත්කරනගෙන සිටින දියුණුව ඉතාමත් විශාලයි.

අනෙකුත් අරාබි රටවල් සමග බලද්දි නම් මොවුන් එකසත් අරාබි එමිර් රජ්යෙන් පසු දෙවනියට ලිහිල් නීති පද්දතියක් තමයි පවත්වාගෙන යන්නෙ. ගැහනු අයට තමන් කැමති ඇඳුමක් අඳින්න පුලුවන්,නමුත් සංවරව අන්දින තරමට හොඳයි මොකද සමහර කටාරි ජාතිකයන්ගෙන් දොෂාරෝපන එල්ලවීමට ඉඩ තියන නිසා. මොනා උනත් ඒක එයාලගෙ රටනෙ.ඊට අමතරව මදයසාර බාවිතයත් යම් පාලනයක් අතුව තියනව.මෙහෙත් ඇති තරම් රත්‍රි සමාජශාලා,පබ්,හෝටල් තියනව.

නමුත් කාරණාව තමයි කොළඹ නගරය වගේ කුඩා ප්‍රදේශයක පමනක් මිනිසුන් ජීවත් වෙන මේ අති දියුණු , අලංකාර වගේම ලොව ධනවත්ම රටේ ඉතාමත් දරුණු විදිහට මානව හිමිකම් කැඩෙනව කියල ඔබට විශ්වාස කරන්න පුලුවන්ද?


දැනට මෙහි පවතින නීති පද්ධතිය අනුව විදෙස් ශ්‍රමිකයන්ට තිබෙන නිදහස සහ වාසි ඉතාලමත් අඩු මට්ටමකයි තවමත් පවතින්නෙ.2022 දී කටාර්හී පැවත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිසා විශේශයෙන් ඉදිකිරීම් ක්ශෙත්‍රයේ අධික රැකියා වෙලඳපොලක් තිබෙනව. මෙම ඉදීකිරීම් ව්‍යාපෘති වල සේවය කරන අඩු අදායම් ලාබී ශ්‍රමිකයන් තමයි ගොඩාක් මෙම අසාධාරනකම් වලට ලක් වෙන්නේ.

Amnesty International ආයතනය කටාර් රජයට ඉතාමත් දැඩි ලෙස චෝදන කරන්නෙ කරුණු කිහිපයක් සඳහ තවමත් ඔවුන් අවදනය යොමු නොකරන්නේ මන්ද කියාය. Amnesty International ආයතනය  පවසන අන්දමට කටාර්හී පෞද්ගලික ආයතන වලින් 80% ටත් වැඩි ගනනක් සේවකයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර නීති විරෝදී ලෙස රඳවාගනී.

දැනට පවතින වීසා අනුග්‍රාහක ක්‍රමයට අනුව ('Kafala' or 'Sponsorship System') සෑම විදෙස් ශ්‍රමිකයෙකුටම රටින් පිටවීමට නම් තම අනුග්‍රහකයාගෙන් (sponsor) අවසර ගත යුතුමය (exit permit). exit permit නැතුව රටින් පිටවීම සිහිනයක්ම පමනි.මේ ක්‍රමය නිසා බොහෝ දෙනෙක් නිවාඩු නොලබා රට තුල සිරවී සිටීමට පව සිදුවන්නේ ඔවුන්ගෙ ආයතන හැකිතාක් ඔවුන්ගෙන් වැඩ ගැනීමට බලන් සිටින නිසාමය. ඊට අමතරව වාහනයක් මිලදී ගැනීමට, බැංකු ණයක් ගැනීමට, ක්‍රෙඩිට් කාඩ් සහ බොහෝ දේවල වලට අනුග්‍රාහකයා අවසර දිය යුතුමය.අවාසනාවකට බොහෝ දෙනෙකුට නොලැබෙන්නේද එයයි.

ඔවුන්ට ඕනෑ ඕනෑ ආකරයට සාදා ඇති මෙම වහල් නීති රීති වෙනස් කරන්න යැයි ජාත්‍යන්තරයෙන් එල්ල වන දැඩි බලපෑම නිසාම තව මාස කිපයක් ඇතුලත නීති ලිහිල් කරන බවට කටාර් රජය නිවෙදනයක් නුකුත් කරල තිබෙනව.හැමෝගෙම බලපොරොත්තුව තමන් කැමති නම් රටෙන් පිටවිය හැකි සහ විසා අවලංගු කිරීමෙන් පසු පැනවෙන අවුරුදු දෙකක රටට ඇතුලුවිය නොහැකි තහනම් කාලය අවලංගු වීමයි.

එතෙක් මේක තමයි ලෝකෙ තියන ධනවත්ම නූතන වහල් දේශය
Read More

Thursday, April 17, 2014

අද බොන්ඩත් නැති එකේ...කන්ඩ වරෙන්..

14 වෙනිදා අවුරුදු දවසෙත් මම වැඩ. මෙහෙට ඉතිං අවුරුදු පාටක් වත් නෑනෙ.කොහොම උනත් අවුරුද්ද කොහොම හරි යාලුවො එක්ක රෑ වෙල සමරනව කියල හිතාගෙන උදෙන්ම නැගිටල නැකත් බල බල හිටියොත් ඔෆිස් යන්න බැරි වෙන නිසා ටක් ටක් ගාල පරිප්පුවකුයි, ඔම්ලට් එකකුයි තව සැරට මොනා හරි ඕන නිසා ගාර්ලික් පිකල් බොතලෙන් ටිකකුයි දාගෙන් ඔෆිස් ගියා. ඔය ඉන්දියන් අච්චරු වලට මන් නම් මාර ආසයි. අල් මීරා එකට ගියාම අනිවාර්යෙන් එකක් ගන්නව..මන් ආසම මැන්ගො පිකල් එකයි ගර්ලික් පිකල් එකයි තව තියනව මික්ස් පිකල් එකකුත්..ඕකෙන් ටිකක් බත් එකට දාගත්ත නම් ලුණු ඇඹුලට නියමයි.

මේ වගේ බෝතල් වල තමයි එන්නෙ ඔය අච්චාරු

හවස ඔෆිස් එකේ ඉන්න ගමන් මගෙ යලුවො දෙන්නෙක් කෝල් එකක් දුන්න හවසට මොනා හරි කරමු පුලුවන්නම් බෝතලයක් හොය ගන්න කියල.මේ අවුරුදු දවස් නිසා ගොඩක් අඳුරන ටැක්සි අය්යල ලංකාවට ගිහිල්ල.වෙන දවසක් නම් කෝල් එකක් දුන්න ගමන් පැයක් ඇතුලත බඩු ගෙදරටම එනව..හැබයි ඉතිං බ්ලැක් මාකට් ගානට තමයි. දන්නවනේ මේ කටාර් වල මද්‍යසාර වලට පොඩ්ඩක් විතර කරදරයි.බලපත්‍රයක් නැත්තම් ගන්න බෑ.ඔය ලිකර් ලයිසොන් එක ගන්න බැරි කමකුත් නෑ හැබයි සමහර කම්පනි වල ඒකට අවසර දෙන්නේ නෑ.හරියට මේ අපේ එක වගේ..

දැන් ලයිසන් තියන යළුවොත් අද නෑ බෝතලයක් හොයා ගන්න.වැඩි ගානට එලියෙන් ගන්න කෙනෙකුත් නෑ.පස්සේ මම වඩේ අතැරල දැම්ම.අරුන් දෙන්නටත් කතා කරල කිව්ව අද නම් වැඩේ හරියන පාටක් නෑ...අද බොන්ඩත් නැති එකේ...කන්ඩ වරෙන්.අපි රෑ වෙලා උයමු කියල. ඒ පාර මුන් දෙන්නට මලක් අදින්න ඕනෙලු.හරි එහෙනම් එකවත් කරන්න ඉස්සෙල්ලම ගෙදර වරෙල්ලකො කියල මන් ආයෙත් වැඩ. එදා නම් හරියටම 6ට ඔෆ් වෙලා කෙලින්ම ගෙදර ගියේ. හැබයි තාම උයන්නෙ මොනාද කියල හිතල නෑ. අරුන් ඩබලට අයෙත් කෝල් කලා...

"මචං බැස්ටි මොනාද බං රෑට උයන්නේ..?"

"ම්ම්ම් කහ බත් නම් අනිවාරෙන් ඕනා..චිකනුත් ඔනේ.."

"හරි මම හෙශාටත් කතා කරල බලන්නම් මොනාද හදන්නෙ කියල ..උඹල දෙන්න ඉක්මනට වරෙන්.."

"හරි මම විනාඩි 20න් එනව..පොඩි බඩ්ඩකුත් හම්බ උනා.."

අනිකට කතා කරාම උට අන්නාසි ඕනෙලු, අරක ඕනෙලු මෙක ඕනෙලු. අන්තිමට තුන්දෙනාගෙම කමැත්තෙන් මෙන්න මේ ටික තමයි අපි ඉව්වෙ..

කුකුල් මස් උයලා, අල බැදුන් හදල, අන්නාසි උයලා , කහ බත් ඉව්ව ගිතෙල් දාල..තව පපඩනුත් බැද්දා.

ඔය ඔක්කොම උයල පිහල කන්න කලින් පොඩි කක්කි වැඩකුත් කරල බඩ පැලෙන්න කෑව.මොනා කලත් තමන් උයල තියන දෙයක් තව කෙනෙක් රසයි රසයි කියල කනකොට පුදුම සතුටක් දැනෙන්නෙ..


එහෙනම් හැමෝටම මී කිරි,පිටි කිරි, මුදවපු කිරි, කල් කිරි වලින් පිරිච්ච ටින් කිරි ගාගන්නෙ නැති එල කිරි අවුරුද්දකි වෙවා..!!

Read More

Thursday, February 6, 2014

ඩිපින්,ටොපින්,රයිස්,නූඩ්ල්ස් කෝකටත් මට ශෙස්වාන්(schezwan) සෝස්..

තක්කාලි සෝස්,චිලී සෝස්,සොයා සෝස්,ෆිශ් සෝස්, ඔයිස්ටර් සෝස්,ගාර්ලික් සෝස් ..එකී මෙකී නොකී සෝස් වර්ග වලින් මන් මුලින් ඉඳලම ආසම සෝස් එකක් නම් ඉතිං තක්කාලි සෝස් තමයි.හැබැයි පස්සෙ මට ඊටත් වඩා රසම රස මන් ආසම කරන ජාතියෙ සෝස් එකක් හම්බ උනා.ඒ තමයි චිලී ගාර්ලික් සෝස්..එකේ තියන සුදු ලූණු එක්ක කතු උන සැර මිරිස් රසට මන් නම් අත්තටම අබ්බහි උනා වගේ. හැබැයි හැම චිලී ගාර්ලික් සෝස් එකක්ම එකවගෙ හරි නෑ..මන් ආසම කරන රස තියන සෝස් තියෙන්නෙ මැක් ඩොනල්ඩ්ස් එකේ...ඒ මන් ඒකෙ වැඩ කරන කාලේ.හැබැයි දැන් නම් එයාල ඒව දෙන එක නතර කරල මන් දන්න තරමින්.දැන් දෙන්නෙ කෙචප් විතරද කොහෙද.අධික ලාබ ලබන්න බලන් ඉන්න ඒ වගෙ අයතන ඒ වගෙ පොඩි දෙයකින් හරි අයින් කරල ලාබ ලබනව.හරි හරි මැක් ඩොනල්ඩ්ස් ගැනත් ඒකෙ ජිල්මාර්ට් ගැනත් පස්සෙ වෙලාවක කියන්නම්,නැත්තම් මේක වෙන අතක යනවා.

සුදු ලූණු වලටයි මිරිස් රසටයි මගෙ තියන්න්නෙ පුදුම කැමැත්තක්.මන් මෙහෙට (මෙහෙට කිව්වෙ දොහ වලට.) ආවට පස්සෙ මරු සෝස් එකක් සෙට් උනා මට.ඒක තමයි මේ ශෙස්වාන් සෝස්,හැබැයි මේ සෝස් එක නම් තරමක් ඝන සෝස් එකක් හරියට තලපයක් වගේ තමයි.කඩෙන් ගන්න ඔය බොතල් ඔන තරම් තිබ්බත් එකට එකක් පොඩි පොඩි රස වෙනසකම් තියනව,ඒ නිසා මට නම් එකක්වත් සෙට් වෙන්නෙ නෑ.හොඳම ක්‍රමය තමයි ගෙදරදිම ඕක හදාගන්න එක.මටත් කියල දුන්නෙ අපේ ඔෆිස් එකේ නේපාල් කුක් කෙනෙක්.අත්තටම ඕකෙ නම කියවනව තරම්වත් වැඩේ අමාරු නෑ.ටිකක් වැඩිපුර හදා ගත්ත නම් ෆ්‍රිජ් එකේ දාලා සතියක් දෙකක් තියා ගන්නත් පුලුවන් කිසි අවුලක් නැතුව.

හරි මෙහෙමයි වැඩේ වෙන්නෙ..වෙලිච්ච මිරිස් කරල් 5කට තක්කාලි ගෙඩි දෙකක් වගෙ තිබ්බම ඇති.මන් ඔය කියන්නෙ මගේ පදමට මන් හදන විදිහ.මුලින්ම උනුවතුර කොප්පයකට අර මිරිස් කරල් ටික දාල පැය බාගයක් විතර තියල හොන්දට මෙලෙක් කර ගන්නව.ඊට පස්සෙ අර තක්කලි ගෙඩි දෙකයි මිරිස් ටිකයි අඹරගෙන පේස්ට් එකක් හදාගන්නව.ඊට පස්සෙ සුදු ලුණු ගෙඩියකුයි, ගෙඩියක් කිව්වෙ බික් 10ක් විතර තව ඉඟුරු අඟල් එකාමරක් විතර වෙන වෙනම අඹර ගන්න ඕනේ.දැන් තෙල් ටිකක් ලිපෙ තියල රත් වෙගෙන එද්දි එකට පොඩියට කපා ගත්ත ලූණු ගෙඩියක් දාල රන්වන් පාට ගහගෙන එද්දිම අර අපි කලින් අඹර ගත්ත සුඩු ලූණු ඉඟුරු පේස්ට් එක දාන්න ඕනෙ.හොඳට සුදු ලූණූ වල සුවඳ එද්දි පොඩි සැල්දිරි කෑල්ලක් පොඩියට කපාගෙන දානන්ත් පුලුවන්, අවශ්යම නෑ.ඊට පස්සෙ ඒකටම අර තක්කාලි සහ මිරිස් ටිකත් එකතු කරල වතුර කෝප්ප කාලකුත් දාල ,රස අනුව ලුනුත් දාල හොන්දට උකු වෙනනක්න් හින්ද ගන්න ඔනේ.අන්තිමට තව තක්කලි සෝස් මේස හඳි තුනකුයි,සෝයා සෝස් මේස හැඳි දෙකකුයි විනාකිරි තේ හැන්ඩකුයි එකතු කලාම විනාඩි 2කින් විතර වැඩේ ගොඩ තමයි.


ඔය තියෙන්නේ මං ඊයෙ රෑ හදපු සෝස් ටික..

ඊයෙ දවලට උයපු බත් වගයක් ඉතුරු වෙලා තිබ්බ නිසාමයි මන් ඔය සෝස් එක හැඩුවෙ.හීනියට කපාගත්ත කැරට්,ලූණු,බෝංචි අරව මෙව්ව ටිකක් දාල තෙම්පරාදු කරගෙන අපි හදාගන්න හෝම් මේඩ් ෆ්‍රයිඩ් රයිස් එකට ඕකෙනුත් ටිකක් එකතු කරල ශෙස්වාන් රයිස් එකකුත් හැදුව.

ඊයෙ රෑට කාපු ශෙස්වාන් රයිස් එක.
මේ සෙරම ටික කරන්න හරිනම් පැයක්වත් යන්නේ නෑ.කලින් හදල තියගෙන හදිස්සියට බත ගහ ගන්න පුලුවන් නිසා මරු.ඔය ක්‍රමයට අපිට නූඩ්ලෙස් හඩගන්නත් පුලුවන්.ඕකට තව හීනියට කපා ගත්ත ගෝව ටිකකුත් දාල වෙනම වර්ශන් එකකුත් මන් හදා ගන්නව පාන් හරි රොටි හරි කන්න. :)


පලි : මතක් කරල අන්තිමට සීනි චුට්ටකුත් එකතු කර ගන්න...ඉස්සෙල්ල කියන්න අමතක උනා
Read More

Sunday, January 12, 2014

අනේ අපි ගෙදර යමු සුදෝ..


වෙලාව රාත්‍රි 7.45 ට පමණ ඇත.කොටුව දුම් රිය ස්තානයේ කර්කශ යකඩ කටෙ සද්දයත් කලබලයෙන් එහෙ මෙහෙ දුවන මිනිසුනුත් අතර එක් කෙලවරක බංකුවක් මත හිඳගෙන කත බහේ යෙදෙන පෙම්වතුන් යැයි කිව හැකි තරුණ යුවලකි.බැලූ බැල්මට ඔවුන් උසස් පෙල වයසේ ටියුශන් පන්ති ගොස් ගෙවල් බලා යන්නට සිටින තරුණ පෙම්වතුන් යුවලක් සේ පෙනුනයින් කවුරුත් ඔවුන් ගැන වැඩි තැකීමක් නොකලහ.

යාළුවො සෙට් එකත් එක්ක බම්බලපිට්යෙ රවුමක් ඇවිත් ගෙදර යන්න කොච්චිය අල්ල ගන්න කොටුවට ආපු චන්න මෙ දෙන්න ඉන්නව දැක්ක.චන්න කියන්නෙ තුෂාරගෙ හොඳ යාලුවෙක්.හැබයි තුෂාරගෙයි කෙල්ලගෙයි මුහුනු වෙනදට වඩා ටිකක් අවුල් වෙලා මොකක් හෝ ප්‍රශ්නයක්  බව දැක්ක චන්න ගිහින් කත කරන්න හිතුව.

"මචං මොකද මෙතන දෙන්නත් එක්ක මූනත් අවුල් කරන් ?"
"අහ්.. චන්නය.. මචං පොඩ්ඩක් වරෙන් මෙහාට."  කියපු තුෂාර චන්නත් එක්ක පොඩ්ඩක් එහාට උනා.

"මොකද බන් කේස් එක?"
"බලපන්කො මාර සීන් එකනෙ..මේකිට ගෙදර යන්න බෑ කියනවනෙ බන්. මොනා වෙලාද මන්ද. මට පිස්සු හැදිල ඉන්නෙ බන්.."
"යකෝ ඒක මාර වැඩක්නෙ..උඹට පිස්සුද බන්.. මෙන්න මේ පිස්සු නැතුව අන්ජලීට ගෙදර යන්න කියල උඹත් පලයන් , දැන් රෑ වෙලත් එක්ක නෙ.."
"අනේ මන්ද බන් ඒකි අය්යත් එක්ක රන්ඩු උනාලු,අරකලු මේකලු, එයවත් එක්කන් කොහෙ හරි යමුලු..මන් මොනාද බන් දැන් කරන්නෙ..?"
"මේ මේ.. තුෂාර පිස්සු වැඩ කරන්නැතුව ගෙවල් වලට පලයන්. ඔන්න ට්‍රේන් එක එනව... වරෙන්.... වරෙන්...."
"හරි උම්බ නැගපන්කො මන් අරයවත් එක්කන් එන්නම්"

චන්න කොච්චියට නගින තුරු බලන් හිට්ය තුෂාර අයෙත් අන්ජලි ගාවට ලන් උනා.පහුගිය පැය තුන හතරට වෙච්ච දේවල් ටිකට තුෂාරගෙ ඔලුව යකාගෙ කම්මල වගෙ.තවමත් උසස් පෙල හදාරන කොල්ලෙක් වෙච්ච තුෂාරට මෙ ප්‍රශ්නය විසඳගන්න තෙර්න්නෙ නෑ,මොනා කරන්නද කියල හිත හිත අයෙත් බංකුවෙ වාඩි උනා.

"අනේ අපි ගෙදර යමු අන්ජලී,ඔච්චර මුරන්ඩු වෙන්න එපා."
"ඔයාට ඔනෙ නම් යන්න, මට බෑ  බෑ බෑ බෑමයි. අයෙත් අහන්නත් එපා"
අන්ජලි කියන්නෙ තුෂාරගෙ කෙල්ල.තුෂාරට වඩා ගොඩාක් හුරතලේට හැදිල තිබුන නිසා එයා ගොඩක් හිතුවක්කර මුරන්ඩු කෙල්ලෙක්.තුෂාරට තිබ්බ ලොකුම ප්‍රශ්නයත් ඒකයි.වෙලාවකට කිසි කෙනෙක් කියන දෙයක් අහන්නෙ නෑ. නමුත් තුෂාර අන්ජලීට ගොඩක් ඇලුම් කලා.

"ඔයාව මන් මෙතන තනියම දාල යන්නද කියන්නෙ. අනික අපි මේ වෙලවේ කොහේ කියල යන්නද..අපි ගෙදර යමු"


පැය කීපයකට පෙර...

එදා සෙනසුරාදා දිනයකි..සුපුරුඩු පරිදි උදේ ක්ලාස් වලින් පසු යහලුවන් සමග ගම්පහ වලේ කඩෙන් මොනා හෝ බඩට ඔබාගෙන තුෂාර ගියේ අන්ජලීව මුනගැසෙන්නටය.ඇයත් සමග මුහුදු වෙරළට වී පැය කීපයක් දොඩමලු වන සතියේ එකම දවස වන සෙනසුරාදා දවස තුෂාර කොහොමටවත් වරද්දන්නේ නම් නැත.

දම් පාට,රොස පාට හා රත්තරන් පාටින් රටා මැවිච්ච ඉර බැස ගිය අහස දිහා බලන් උන් තුෂාරට එකවරම මතක් උනේ දැන් ගෙදර යා යුතු බවයි.

"අපි දැන් යමු නේද අන්ජලී ?"
"මට බෑ"
"අහ්..ඒ මොකද මේ එකපාරටම?"
"මට බෑ..මට යන්න ඔනෙ නෑ.."
"ඔයා විහිලු කරනවද? යමු යමු..දැන් කරුවලත් වැටීගෙන එනව..අනේ අපි ගෙදර යමු සුදෝ..."

මේකි කොච්චර කිව්වත් නාහෙට නාහන බව තුෂාර හොඳටම දන්නව උනත් මෙඣ් වගෙ තීරණයක් ඔය වගේ පොඩි සිද්දියක් ලොකු කරන් මේ කෙල්ල ගනීවි කියල නම් කීයටවත් තුෂාර හිතුවෙ නෑ.කෙල්ලො මෙච්චර බොලඳද,මෝඩද,අහන්කාරද කොටින්ම කියනව නම් මිනිස්සු අදරේ කරනව කියන්නෙ මේකටද?

හරි මන් දැන් මෙයාව එක්කන් ගියා කියමුකෝ, එත් කොහේ කියල එක්කන් යන්නද, ගෙදර යන්නත් සල්ලි අතේ තියෙන්නෙ ගානට බස් එකට, ඒකත් අම්ම දුන්නෙ,  අනික මන් මේ වගෙ තීරනයක් ගත්තොත් අම්මල මොනා හිතයිද, යාලුවො මොනා නොකියයිද, උස්සන් ගියාට මේකිට මන් කන්න දෙන්නෙ කොහොමද , මට කොහින්ද රස්සාවක්වත් තාම.?තුෂාර  නිකන් පිස්සුවෙන් වගේ කල්පනා කරනවා.

"හරි අපි යමු.., එන්න." කිව්ව තුශර අන්ජලීවත් අරන් අන්තිමට තරුණ කමට තියන බොලඳ කමටත්, කෙල්ලගෙ මුරන්ඩු කමටත් යටත් උනා. ඔහෙ අරමුණක් නැතුව පටන් ගත්ත ගමන ඊට පැය කීපයකට පස්සෙ නතර උනේ කොටුව ස්ටේශන් එකෙන්.

දැනට නවතින්නම් ඉතුරු ටික අනිත් පෝස්ට් එකෙන්....
Read More

Sunday, December 29, 2013

උම්බ වරෙන්කො....අවාම බලගත්තැහැකි..

මෙදා සැරේ නත්තලට දොහ වල ලොකූ සාදයක් ලස්ති කරල තිබ්බනෙ මගෙ යාලුවො ටික .එත් ඉතිං මෙ අරබි ඔටුවන්ට මොන නත්තල් ද බං, පාරට බැස්සම මෙලො රහක් නැත.නත්තල් ගහක්වත් බලා ගන්න සොපින්ග් මෝලක් අස්සට වත් රින්ග ගන්න ඕනෙ. නැත්තම් නතල් ගහක් හදපු යලුවෙක් ගෙදර වත් යන්න ඕනෙ. අපි ආස කරන නත්තල් ගස් සුවන්ද, රතු පාට, කොල පාට , රත්තරන් පාට සැරසිලි මෙහෙ නම් මන් දැක්කෙ හෙනම කලාතුරකින්. කරුම වැඩෙ කියන්නෙ රාගමයට එදත් වැඩ. 

මටත් ඉතින්ක් වැඩ රජකරි ගොඩක් තිබ්බ නිසා මන් එච්චර සූර් එකක් තියන් හිටියෙ නැ.මොන... අපෙ අය ඔය වගෙ වැඩගත් වැඩ මගඇරල ඉන්නව බොරු. ඔන්න 6ට ඔෆ්ෆ් වෙන්න හිතන් උන්න මට හවස 3 වෙද්දි ජන්ගමය බෙරිහන් දෙන්න ගත්ත.

"සුබ නත්තලක් රුවා..කියපන් මචං.." (අපෙ රුවාගෙ ගෙදර තමයි නැටුම් තෙල් සාදෙ අද සූජාන්ම් කරල තියෙන්නෙ. මොකද එයාට විතරයි මල්පැනි බලපත්‍රයක් තියෙන්නෙ.)

"සුබ නත්තලක්.. සුබ නත්තලක් ! කොහෙඩ උම්බ ඉන්නෙ?"

"මන් ඔෆිස් එකෙ බන්, 6ට ඔෆ් වෙන්නෙ"

"හරි එහෙනම් ඔෆ් වෙච්ච ගමන් වරෙන් , මෙන්ඩිස් අක්ක ඇවිත් උයල තියෙන්නෙ අද සුපිරියට. කට්ටියම ඉන්නව... උම්බ ඉක්මන් වෙන තරමට තමයි ඉතිං කන්න හම්බ වෙන්නෙ"

"හරි හරි මන් 6.30 වෙද්දි ලැන්ඩ් කරනව ඔතනට..මේ.. මොනාද බන් අද උයල තියෙන්නෙ?"

"උම්බ වරෙන්කො....අවාම බලගත්තැහැකි.."

කොහොම හරි 6 වෙනකන් ඔෆිස් එකෙ තටම තටම ඉන්දලා මන් ගිය රුවාලගෙ ගෙදර.. මන් යනකොට කට්ටියම දවල්ට මදී නොකියන්න අරක්කු බොතල් 6ක්ම හිස් කරල කන්ඩ පටන් ගන්නව..මන් වෙලාවාට එතන..(මට දෙය්යන්ගෙම පිහිටයි.)කට්ටියම පවුල් පිටින් 20ක් විතර (ඊටත් වැඩිද මන්ද.)මුලු ගෙදරම අන්ගිල්ලක් ගහන්න ඉඩ නැ. මාත් දඩ බඩ ගල කාම බඩ ගින්නෙ ගියෙ බඩගින්නටත් වඩ මගෙ තියන මල පෙරෙත කමටමයි.

මෙන්ඩිස් අක්ක ලොකුම ලොකු කලුකුමෙක් රෝස් කරල, කහ බත් උයල, වම්බටු තෙල් දල, පරිප්පු, කොක්ක මාලු උයාල, පපඩම්, සලාද එතකොට අල තෙල් දාල,බොන්චිත් තිබ්බ.අයෙ මොනාටද බල බල ඉන්නෙ ඇරල දැම්ම කොත ගහල , ඇයි යකො අවුරුදු දෙකකට පස්සෙ කන නත්තල් කෑම. එකත් ගෙදර වගෙ හදල. කවුද එපා කියන්නෙ.
ඔය ඉන්නෙ අපෙ මෙන්ඩිස් අක්කගෙ රෝස්ටඩ් තුර්කි


Read More

Saturday, December 28, 2013

ඕන් එහෙනම් පටන් ගනින් කොල්ලො උඹත්.



මේ කන්තාරෙට රාගමයා අවිල්ලා දන් අවුරුද්දක් හමරක් වෙන්න ඇති මයෙ හිතේ. සින්හල බ්ලොග් ගැන අහල තිබ්බට එහෙන් මෙහෙන් කියවල තිබ්බට හරියම මට මෙව රහ වටුනෙ මෙහෙ අවිල්ල ඔය තනියම ඉන්න කියන වෙලවේ කියවන්න පටන් ගත්තමනෙ. අටම් අය්යත් අපෙ ගෙවල් පලාතෙ කියල දැන ගත්ත දවසෙ ඉන්ඩන්ම මන් ගොඩක් අසවෙන් තම කියෙවී( ඔහෙලට කිව්වට මොකඩ පොඩි එකා උනාට මාත් අටමගෙම ජතියෙ මොඩෙල් එකක් වෙච්චි ... අම්මප !)

දෝහා වල මෘදුකාංග ඉන්ජිනෙරුවෙක් උනාට සම්බඩව ලියන්න නම් මගේ කිසිම මනපයක් නා ඔන්ග්( දවස තිස්සෙ එකෙම නැහිල තවැ බ්ලොග් එකකුත් කොටපියකො එව ගැන.) සුන්දර බ්ලොග් කරන උම්බල ඔක්කොමත් එක්ක ඔන්න මාත් අරව මෙව ලියන්න එනව අද ඉන්දන්.

පලි : බ්ලොග් එකේයි ලියපු ජුන්ඩෙයි අඩුපාඩු නම් අති එමට.හිමින් සීරුවෙ හදාගෙන යන්න යටින් මෙව්ව එකක් දාලම යන්න හොන්දෙ ...
Read More
© රාගමයා All rights reserved |