Showing posts with label කෑම බීම. Show all posts
Showing posts with label කෑම බීම. Show all posts

Tuesday, May 13, 2014

කනව අම්මපා.. දන්සල් සේරම

පින්තූරය මෙතනින් ගත්තේ


හෙට වෙසක් පෝයට පන්සලකට
යන්ට ආසයි මේ මට
ඇයි..කොල්ලොත් එක්ක රෑ දන්සලකට
චැහ්, එවා කොයින්ද මේ වැල්ලට

හෙටත් උදෙන්ම නැගිටගෙන
මසාලා තේ ටික එක උගුරට බීගෙන
දඩි බිඩි ගා නාගෙන
කට්ට අවුවේ දුවමි වැඩට පිඹගෙන

වෙසක් කූඩු නැත
බකට් නැත
පල්ලි නම් ඇත
ලයිට් දමා හතර අත

හවසට  වැඩ ඇරුන ගමන් පිම්මෙන්
යනව පයින්ම පැනල එහා පාරෙන්
දන්සල් කන්න තියන අමර ආසවෙන්
ෆලා ෆිල් දෙකක්ම කනවා තුර්කි කඩෙන්

හිටුකෝ ඊළඟ පාර ආවම
බලනව වෙසක් කොළඹ පුරාම
යන්නේ නම් නෑ එලවනකම්ම
කනව අම්මපා.. දන්සල් සේරම
Read More

Thursday, April 17, 2014

අද බොන්ඩත් නැති එකේ...කන්ඩ වරෙන්..

14 වෙනිදා අවුරුදු දවසෙත් මම වැඩ. මෙහෙට ඉතිං අවුරුදු පාටක් වත් නෑනෙ.කොහොම උනත් අවුරුද්ද කොහොම හරි යාලුවො එක්ක රෑ වෙල සමරනව කියල හිතාගෙන උදෙන්ම නැගිටල නැකත් බල බල හිටියොත් ඔෆිස් යන්න බැරි වෙන නිසා ටක් ටක් ගාල පරිප්පුවකුයි, ඔම්ලට් එකකුයි තව සැරට මොනා හරි ඕන නිසා ගාර්ලික් පිකල් බොතලෙන් ටිකකුයි දාගෙන් ඔෆිස් ගියා. ඔය ඉන්දියන් අච්චරු වලට මන් නම් මාර ආසයි. අල් මීරා එකට ගියාම අනිවාර්යෙන් එකක් ගන්නව..මන් ආසම මැන්ගො පිකල් එකයි ගර්ලික් පිකල් එකයි තව තියනව මික්ස් පිකල් එකකුත්..ඕකෙන් ටිකක් බත් එකට දාගත්ත නම් ලුණු ඇඹුලට නියමයි.

මේ වගේ බෝතල් වල තමයි එන්නෙ ඔය අච්චාරු

හවස ඔෆිස් එකේ ඉන්න ගමන් මගෙ යලුවො දෙන්නෙක් කෝල් එකක් දුන්න හවසට මොනා හරි කරමු පුලුවන්නම් බෝතලයක් හොය ගන්න කියල.මේ අවුරුදු දවස් නිසා ගොඩක් අඳුරන ටැක්සි අය්යල ලංකාවට ගිහිල්ල.වෙන දවසක් නම් කෝල් එකක් දුන්න ගමන් පැයක් ඇතුලත බඩු ගෙදරටම එනව..හැබයි ඉතිං බ්ලැක් මාකට් ගානට තමයි. දන්නවනේ මේ කටාර් වල මද්‍යසාර වලට පොඩ්ඩක් විතර කරදරයි.බලපත්‍රයක් නැත්තම් ගන්න බෑ.ඔය ලිකර් ලයිසොන් එක ගන්න බැරි කමකුත් නෑ හැබයි සමහර කම්පනි වල ඒකට අවසර දෙන්නේ නෑ.හරියට මේ අපේ එක වගේ..

දැන් ලයිසන් තියන යළුවොත් අද නෑ බෝතලයක් හොයා ගන්න.වැඩි ගානට එලියෙන් ගන්න කෙනෙකුත් නෑ.පස්සේ මම වඩේ අතැරල දැම්ම.අරුන් දෙන්නටත් කතා කරල කිව්ව අද නම් වැඩේ හරියන පාටක් නෑ...අද බොන්ඩත් නැති එකේ...කන්ඩ වරෙන්.අපි රෑ වෙලා උයමු කියල. ඒ පාර මුන් දෙන්නට මලක් අදින්න ඕනෙලු.හරි එහෙනම් එකවත් කරන්න ඉස්සෙල්ලම ගෙදර වරෙල්ලකො කියල මන් ආයෙත් වැඩ. එදා නම් හරියටම 6ට ඔෆ් වෙලා කෙලින්ම ගෙදර ගියේ. හැබයි තාම උයන්නෙ මොනාද කියල හිතල නෑ. අරුන් ඩබලට අයෙත් කෝල් කලා...

"මචං බැස්ටි මොනාද බං රෑට උයන්නේ..?"

"ම්ම්ම් කහ බත් නම් අනිවාරෙන් ඕනා..චිකනුත් ඔනේ.."

"හරි මම හෙශාටත් කතා කරල බලන්නම් මොනාද හදන්නෙ කියල ..උඹල දෙන්න ඉක්මනට වරෙන්.."

"හරි මම විනාඩි 20න් එනව..පොඩි බඩ්ඩකුත් හම්බ උනා.."

අනිකට කතා කරාම උට අන්නාසි ඕනෙලු, අරක ඕනෙලු මෙක ඕනෙලු. අන්තිමට තුන්දෙනාගෙම කමැත්තෙන් මෙන්න මේ ටික තමයි අපි ඉව්වෙ..

කුකුල් මස් උයලා, අල බැදුන් හදල, අන්නාසි උයලා , කහ බත් ඉව්ව ගිතෙල් දාල..තව පපඩනුත් බැද්දා.

ඔය ඔක්කොම උයල පිහල කන්න කලින් පොඩි කක්කි වැඩකුත් කරල බඩ පැලෙන්න කෑව.මොනා කලත් තමන් උයල තියන දෙයක් තව කෙනෙක් රසයි රසයි කියල කනකොට පුදුම සතුටක් දැනෙන්නෙ..


එහෙනම් හැමෝටම මී කිරි,පිටි කිරි, මුදවපු කිරි, කල් කිරි වලින් පිරිච්ච ටින් කිරි ගාගන්නෙ නැති එල කිරි අවුරුද්දකි වෙවා..!!

Read More

Thursday, February 6, 2014

ඩිපින්,ටොපින්,රයිස්,නූඩ්ල්ස් කෝකටත් මට ශෙස්වාන්(schezwan) සෝස්..

තක්කාලි සෝස්,චිලී සෝස්,සොයා සෝස්,ෆිශ් සෝස්, ඔයිස්ටර් සෝස්,ගාර්ලික් සෝස් ..එකී මෙකී නොකී සෝස් වර්ග වලින් මන් මුලින් ඉඳලම ආසම සෝස් එකක් නම් ඉතිං තක්කාලි සෝස් තමයි.හැබැයි පස්සෙ මට ඊටත් වඩා රසම රස මන් ආසම කරන ජාතියෙ සෝස් එකක් හම්බ උනා.ඒ තමයි චිලී ගාර්ලික් සෝස්..එකේ තියන සුදු ලූණු එක්ක කතු උන සැර මිරිස් රසට මන් නම් අත්තටම අබ්බහි උනා වගේ. හැබැයි හැම චිලී ගාර්ලික් සෝස් එකක්ම එකවගෙ හරි නෑ..මන් ආසම කරන රස තියන සෝස් තියෙන්නෙ මැක් ඩොනල්ඩ්ස් එකේ...ඒ මන් ඒකෙ වැඩ කරන කාලේ.හැබැයි දැන් නම් එයාල ඒව දෙන එක නතර කරල මන් දන්න තරමින්.දැන් දෙන්නෙ කෙචප් විතරද කොහෙද.අධික ලාබ ලබන්න බලන් ඉන්න ඒ වගෙ අයතන ඒ වගෙ පොඩි දෙයකින් හරි අයින් කරල ලාබ ලබනව.හරි හරි මැක් ඩොනල්ඩ්ස් ගැනත් ඒකෙ ජිල්මාර්ට් ගැනත් පස්සෙ වෙලාවක කියන්නම්,නැත්තම් මේක වෙන අතක යනවා.

සුදු ලූණු වලටයි මිරිස් රසටයි මගෙ තියන්න්නෙ පුදුම කැමැත්තක්.මන් මෙහෙට (මෙහෙට කිව්වෙ දොහ වලට.) ආවට පස්සෙ මරු සෝස් එකක් සෙට් උනා මට.ඒක තමයි මේ ශෙස්වාන් සෝස්,හැබැයි මේ සෝස් එක නම් තරමක් ඝන සෝස් එකක් හරියට තලපයක් වගේ තමයි.කඩෙන් ගන්න ඔය බොතල් ඔන තරම් තිබ්බත් එකට එකක් පොඩි පොඩි රස වෙනසකම් තියනව,ඒ නිසා මට නම් එකක්වත් සෙට් වෙන්නෙ නෑ.හොඳම ක්‍රමය තමයි ගෙදරදිම ඕක හදාගන්න එක.මටත් කියල දුන්නෙ අපේ ඔෆිස් එකේ නේපාල් කුක් කෙනෙක්.අත්තටම ඕකෙ නම කියවනව තරම්වත් වැඩේ අමාරු නෑ.ටිකක් වැඩිපුර හදා ගත්ත නම් ෆ්‍රිජ් එකේ දාලා සතියක් දෙකක් තියා ගන්නත් පුලුවන් කිසි අවුලක් නැතුව.

හරි මෙහෙමයි වැඩේ වෙන්නෙ..වෙලිච්ච මිරිස් කරල් 5කට තක්කාලි ගෙඩි දෙකක් වගෙ තිබ්බම ඇති.මන් ඔය කියන්නෙ මගේ පදමට මන් හදන විදිහ.මුලින්ම උනුවතුර කොප්පයකට අර මිරිස් කරල් ටික දාල පැය බාගයක් විතර තියල හොන්දට මෙලෙක් කර ගන්නව.ඊට පස්සෙ අර තක්කලි ගෙඩි දෙකයි මිරිස් ටිකයි අඹරගෙන පේස්ට් එකක් හදාගන්නව.ඊට පස්සෙ සුදු ලුණු ගෙඩියකුයි, ගෙඩියක් කිව්වෙ බික් 10ක් විතර තව ඉඟුරු අඟල් එකාමරක් විතර වෙන වෙනම අඹර ගන්න ඕනේ.දැන් තෙල් ටිකක් ලිපෙ තියල රත් වෙගෙන එද්දි එකට පොඩියට කපා ගත්ත ලූණු ගෙඩියක් දාල රන්වන් පාට ගහගෙන එද්දිම අර අපි කලින් අඹර ගත්ත සුඩු ලූණු ඉඟුරු පේස්ට් එක දාන්න ඕනෙ.හොඳට සුදු ලූණූ වල සුවඳ එද්දි පොඩි සැල්දිරි කෑල්ලක් පොඩියට කපාගෙන දානන්ත් පුලුවන්, අවශ්යම නෑ.ඊට පස්සෙ ඒකටම අර තක්කාලි සහ මිරිස් ටිකත් එකතු කරල වතුර කෝප්ප කාලකුත් දාල ,රස අනුව ලුනුත් දාල හොන්දට උකු වෙනනක්න් හින්ද ගන්න ඔනේ.අන්තිමට තව තක්කලි සෝස් මේස හඳි තුනකුයි,සෝයා සෝස් මේස හැඳි දෙකකුයි විනාකිරි තේ හැන්ඩකුයි එකතු කලාම විනාඩි 2කින් විතර වැඩේ ගොඩ තමයි.


ඔය තියෙන්නේ මං ඊයෙ රෑ හදපු සෝස් ටික..

ඊයෙ දවලට උයපු බත් වගයක් ඉතුරු වෙලා තිබ්බ නිසාමයි මන් ඔය සෝස් එක හැඩුවෙ.හීනියට කපාගත්ත කැරට්,ලූණු,බෝංචි අරව මෙව්ව ටිකක් දාල තෙම්පරාදු කරගෙන අපි හදාගන්න හෝම් මේඩ් ෆ්‍රයිඩ් රයිස් එකට ඕකෙනුත් ටිකක් එකතු කරල ශෙස්වාන් රයිස් එකකුත් හැදුව.

ඊයෙ රෑට කාපු ශෙස්වාන් රයිස් එක.
මේ සෙරම ටික කරන්න හරිනම් පැයක්වත් යන්නේ නෑ.කලින් හදල තියගෙන හදිස්සියට බත ගහ ගන්න පුලුවන් නිසා මරු.ඔය ක්‍රමයට අපිට නූඩ්ලෙස් හඩගන්නත් පුලුවන්.ඕකට තව හීනියට කපා ගත්ත ගෝව ටිකකුත් දාල වෙනම වර්ශන් එකකුත් මන් හදා ගන්නව පාන් හරි රොටි හරි කන්න. :)


පලි : මතක් කරල අන්තිමට සීනි චුට්ටකුත් එකතු කර ගන්න...ඉස්සෙල්ල කියන්න අමතක උනා
Read More

Sunday, December 29, 2013

උම්බ වරෙන්කො....අවාම බලගත්තැහැකි..

මෙදා සැරේ නත්තලට දොහ වල ලොකූ සාදයක් ලස්ති කරල තිබ්බනෙ මගෙ යාලුවො ටික .එත් ඉතිං මෙ අරබි ඔටුවන්ට මොන නත්තල් ද බං, පාරට බැස්සම මෙලො රහක් නැත.නත්තල් ගහක්වත් බලා ගන්න සොපින්ග් මෝලක් අස්සට වත් රින්ග ගන්න ඕනෙ. නැත්තම් නතල් ගහක් හදපු යලුවෙක් ගෙදර වත් යන්න ඕනෙ. අපි ආස කරන නත්තල් ගස් සුවන්ද, රතු පාට, කොල පාට , රත්තරන් පාට සැරසිලි මෙහෙ නම් මන් දැක්කෙ හෙනම කලාතුරකින්. කරුම වැඩෙ කියන්නෙ රාගමයට එදත් වැඩ. 

මටත් ඉතින්ක් වැඩ රජකරි ගොඩක් තිබ්බ නිසා මන් එච්චර සූර් එකක් තියන් හිටියෙ නැ.මොන... අපෙ අය ඔය වගෙ වැඩගත් වැඩ මගඇරල ඉන්නව බොරු. ඔන්න 6ට ඔෆ්ෆ් වෙන්න හිතන් උන්න මට හවස 3 වෙද්දි ජන්ගමය බෙරිහන් දෙන්න ගත්ත.

"සුබ නත්තලක් රුවා..කියපන් මචං.." (අපෙ රුවාගෙ ගෙදර තමයි නැටුම් තෙල් සාදෙ අද සූජාන්ම් කරල තියෙන්නෙ. මොකද එයාට විතරයි මල්පැනි බලපත්‍රයක් තියෙන්නෙ.)

"සුබ නත්තලක්.. සුබ නත්තලක් ! කොහෙඩ උම්බ ඉන්නෙ?"

"මන් ඔෆිස් එකෙ බන්, 6ට ඔෆ් වෙන්නෙ"

"හරි එහෙනම් ඔෆ් වෙච්ච ගමන් වරෙන් , මෙන්ඩිස් අක්ක ඇවිත් උයල තියෙන්නෙ අද සුපිරියට. කට්ටියම ඉන්නව... උම්බ ඉක්මන් වෙන තරමට තමයි ඉතිං කන්න හම්බ වෙන්නෙ"

"හරි හරි මන් 6.30 වෙද්දි ලැන්ඩ් කරනව ඔතනට..මේ.. මොනාද බන් අද උයල තියෙන්නෙ?"

"උම්බ වරෙන්කො....අවාම බලගත්තැහැකි.."

කොහොම හරි 6 වෙනකන් ඔෆිස් එකෙ තටම තටම ඉන්දලා මන් ගිය රුවාලගෙ ගෙදර.. මන් යනකොට කට්ටියම දවල්ට මදී නොකියන්න අරක්කු බොතල් 6ක්ම හිස් කරල කන්ඩ පටන් ගන්නව..මන් වෙලාවාට එතන..(මට දෙය්යන්ගෙම පිහිටයි.)කට්ටියම පවුල් පිටින් 20ක් විතර (ඊටත් වැඩිද මන්ද.)මුලු ගෙදරම අන්ගිල්ලක් ගහන්න ඉඩ නැ. මාත් දඩ බඩ ගල කාම බඩ ගින්නෙ ගියෙ බඩගින්නටත් වඩ මගෙ තියන මල පෙරෙත කමටමයි.

මෙන්ඩිස් අක්ක ලොකුම ලොකු කලුකුමෙක් රෝස් කරල, කහ බත් උයල, වම්බටු තෙල් දල, පරිප්පු, කොක්ක මාලු උයාල, පපඩම්, සලාද එතකොට අල තෙල් දාල,බොන්චිත් තිබ්බ.අයෙ මොනාටද බල බල ඉන්නෙ ඇරල දැම්ම කොත ගහල , ඇයි යකො අවුරුදු දෙකකට පස්සෙ කන නත්තල් කෑම. එකත් ගෙදර වගෙ හදල. කවුද එපා කියන්නෙ.
ඔය ඉන්නෙ අපෙ මෙන්ඩිස් අක්කගෙ රෝස්ටඩ් තුර්කි


Read More
© රාගමයා All rights reserved |