Sunday, December 29, 2013

උම්බ වරෙන්කො....අවාම බලගත්තැහැකි..

මෙදා සැරේ නත්තලට දොහ වල ලොකූ සාදයක් ලස්ති කරල තිබ්බනෙ මගෙ යාලුවො ටික .එත් ඉතිං මෙ අරබි ඔටුවන්ට මොන නත්තල් ද බං, පාරට බැස්සම මෙලො රහක් නැත.නත්තල් ගහක්වත් බලා ගන්න සොපින්ග් මෝලක් අස්සට වත් රින්ග ගන්න ඕනෙ. නැත්තම් නතල් ගහක් හදපු යලුවෙක් ගෙදර වත් යන්න ඕනෙ. අපි ආස කරන නත්තල් ගස් සුවන්ද, රතු පාට, කොල පාට , රත්තරන් පාට සැරසිලි මෙහෙ නම් මන් දැක්කෙ හෙනම කලාතුරකින්. කරුම වැඩෙ කියන්නෙ රාගමයට එදත් වැඩ. 

මටත් ඉතින්ක් වැඩ රජකරි ගොඩක් තිබ්බ නිසා මන් එච්චර සූර් එකක් තියන් හිටියෙ නැ.මොන... අපෙ අය ඔය වගෙ වැඩගත් වැඩ මගඇරල ඉන්නව බොරු. ඔන්න 6ට ඔෆ්ෆ් වෙන්න හිතන් උන්න මට හවස 3 වෙද්දි ජන්ගමය බෙරිහන් දෙන්න ගත්ත.

"සුබ නත්තලක් රුවා..කියපන් මචං.." (අපෙ රුවාගෙ ගෙදර තමයි නැටුම් තෙල් සාදෙ අද සූජාන්ම් කරල තියෙන්නෙ. මොකද එයාට විතරයි මල්පැනි බලපත්‍රයක් තියෙන්නෙ.)

"සුබ නත්තලක්.. සුබ නත්තලක් ! කොහෙඩ උම්බ ඉන්නෙ?"

"මන් ඔෆිස් එකෙ බන්, 6ට ඔෆ් වෙන්නෙ"

"හරි එහෙනම් ඔෆ් වෙච්ච ගමන් වරෙන් , මෙන්ඩිස් අක්ක ඇවිත් උයල තියෙන්නෙ අද සුපිරියට. කට්ටියම ඉන්නව... උම්බ ඉක්මන් වෙන තරමට තමයි ඉතිං කන්න හම්බ වෙන්නෙ"

"හරි හරි මන් 6.30 වෙද්දි ලැන්ඩ් කරනව ඔතනට..මේ.. මොනාද බන් අද උයල තියෙන්නෙ?"

"උම්බ වරෙන්කො....අවාම බලගත්තැහැකි.."

කොහොම හරි 6 වෙනකන් ඔෆිස් එකෙ තටම තටම ඉන්දලා මන් ගිය රුවාලගෙ ගෙදර.. මන් යනකොට කට්ටියම දවල්ට මදී නොකියන්න අරක්කු බොතල් 6ක්ම හිස් කරල කන්ඩ පටන් ගන්නව..මන් වෙලාවාට එතන..(මට දෙය්යන්ගෙම පිහිටයි.)කට්ටියම පවුල් පිටින් 20ක් විතර (ඊටත් වැඩිද මන්ද.)මුලු ගෙදරම අන්ගිල්ලක් ගහන්න ඉඩ නැ. මාත් දඩ බඩ ගල කාම බඩ ගින්නෙ ගියෙ බඩගින්නටත් වඩ මගෙ තියන මල පෙරෙත කමටමයි.

මෙන්ඩිස් අක්ක ලොකුම ලොකු කලුකුමෙක් රෝස් කරල, කහ බත් උයල, වම්බටු තෙල් දල, පරිප්පු, කොක්ක මාලු උයාල, පපඩම්, සලාද එතකොට අල තෙල් දාල,බොන්චිත් තිබ්බ.අයෙ මොනාටද බල බල ඉන්නෙ ඇරල දැම්ම කොත ගහල , ඇයි යකො අවුරුදු දෙකකට පස්සෙ කන නත්තල් කෑම. එකත් ගෙදර වගෙ හදල. කවුද එපා කියන්නෙ.
ඔය ඉන්නෙ අපෙ මෙන්ඩිස් අක්කගෙ රෝස්ටඩ් තුර්කි


Share:

16 comments:

  1. රාගමයෝ මේ බ්ලොග් එකේ follower gadget එක එල්ලා ගන්ටකෝ....

    ReplyDelete
    Replies
    1. මේක නෙමෙයි අනේ අර Join this site කියලා button 1ක් තියෙන්නෙ...

      Delete
  2. ඔන්න එහෙනම් අපිත් ආව කෑම සුවදට..දැන් හැමදාම එනව..

    ReplyDelete
  3. layout - add a gadjet- more gadjet - followers

    ^ මෙන්න මේක එකතු කරගන්ට රාගමයො.. උඹ රාගමයා උනේ රත්ගමයගෙ අඩිපාරෙ යන්ට නෙමේ කියල හිතනව ඈ. උඹ උඹ වෙයන් :)
    තව සිංහල ටයිපින් වල අඩුපාඩු තියනවා.. භාවිතා කරන සිංහල යුනිකෝඩ් සිස්ටම් එකත් එක්ක කාලයක් යනකොට පුලුවන් වෙයි ඒක හදාගන්න.. බිංදුව , සඥ්ඥක අක්ශර, මහාප්‍රාණ , මූර්ධජ ටයිප් කරන්න ටිකක් තව පුරුදුවෙන්න..

    බ්ලොග් අවකාශෙ දිගු ගමනකට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. දුන්න උපදෙස් ටික ගොඩාක් වටිනව..ස්තුතියි සමී !!

      Delete
  4. රාගමයෝ මාත් මේ පැත්තට ආවා ඕං දිගු ගමනක් යන්න සුබ පැතුම්!මේ බොග මට ෆලෝ කරන බෑනේ

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඒ පාර මොනා වෙලාද...
      ගොඩාක් ස්තුතියි ආවට !!

      Delete
  5. වී කාන්ට් ෆලොව් ද බ්ලොග් අයි ඩුන්නො වයි පොඩ්ඩක් බලන්ඩ :)



    …මේ කොක්ක මාලු කියන්නෙ මොක අඩේ

    ReplyDelete
    Replies
    1. ආයේ ට්‍රයි එකක් දීල බලන්න..
      එකටත් කතාවක් තියනව පස්සෙ දාන්නම්..ඒ කිව්වෙ කුකුල් මස්

      Delete
  6. කොක්කුන්ගෙ මස් උයල කනවද : :O

    ReplyDelete
  7. We're sorry...

    We were unable to handle your request. Please try again or return a bit ලටෙර්.

    …//ෆලොව් කරන්න බෑ ඈයි දන්නෙ නා

    ReplyDelete
    Replies
    1. තාම ට්‍රබල් ශූටින් අය්යෝ...

      Delete

© රාගමයා All rights reserved |