Thursday, February 6, 2014

ඩිපින්,ටොපින්,රයිස්,නූඩ්ල්ස් කෝකටත් මට ශෙස්වාන්(schezwan) සෝස්..

තක්කාලි සෝස්,චිලී සෝස්,සොයා සෝස්,ෆිශ් සෝස්, ඔයිස්ටර් සෝස්,ගාර්ලික් සෝස් ..එකී මෙකී නොකී සෝස් වර්ග වලින් මන් මුලින් ඉඳලම ආසම සෝස් එකක් නම් ඉතිං තක්කාලි සෝස් තමයි.හැබැයි පස්සෙ මට ඊටත් වඩා රසම රස මන් ආසම කරන ජාතියෙ සෝස් එකක් හම්බ උනා.ඒ තමයි චිලී ගාර්ලික් සෝස්..එකේ තියන සුදු ලූණු එක්ක කතු උන සැර මිරිස් රසට මන් නම් අත්තටම අබ්බහි උනා වගේ. හැබැයි හැම චිලී ගාර්ලික් සෝස් එකක්ම එකවගෙ හරි නෑ..මන් ආසම කරන රස තියන සෝස් තියෙන්නෙ මැක් ඩොනල්ඩ්ස් එකේ...ඒ මන් ඒකෙ වැඩ කරන කාලේ.හැබැයි දැන් නම් එයාල ඒව දෙන එක නතර කරල මන් දන්න තරමින්.දැන් දෙන්නෙ කෙචප් විතරද කොහෙද.අධික ලාබ ලබන්න බලන් ඉන්න ඒ වගෙ අයතන ඒ වගෙ පොඩි දෙයකින් හරි අයින් කරල ලාබ ලබනව.හරි හරි මැක් ඩොනල්ඩ්ස් ගැනත් ඒකෙ ජිල්මාර්ට් ගැනත් පස්සෙ වෙලාවක කියන්නම්,නැත්තම් මේක වෙන අතක යනවා.

සුදු ලූණු වලටයි මිරිස් රසටයි මගෙ තියන්න්නෙ පුදුම කැමැත්තක්.මන් මෙහෙට (මෙහෙට කිව්වෙ දොහ වලට.) ආවට පස්සෙ මරු සෝස් එකක් සෙට් උනා මට.ඒක තමයි මේ ශෙස්වාන් සෝස්,හැබැයි මේ සෝස් එක නම් තරමක් ඝන සෝස් එකක් හරියට තලපයක් වගේ තමයි.කඩෙන් ගන්න ඔය බොතල් ඔන තරම් තිබ්බත් එකට එකක් පොඩි පොඩි රස වෙනසකම් තියනව,ඒ නිසා මට නම් එකක්වත් සෙට් වෙන්නෙ නෑ.හොඳම ක්‍රමය තමයි ගෙදරදිම ඕක හදාගන්න එක.මටත් කියල දුන්නෙ අපේ ඔෆිස් එකේ නේපාල් කුක් කෙනෙක්.අත්තටම ඕකෙ නම කියවනව තරම්වත් වැඩේ අමාරු නෑ.ටිකක් වැඩිපුර හදා ගත්ත නම් ෆ්‍රිජ් එකේ දාලා සතියක් දෙකක් තියා ගන්නත් පුලුවන් කිසි අවුලක් නැතුව.

හරි මෙහෙමයි වැඩේ වෙන්නෙ..වෙලිච්ච මිරිස් කරල් 5කට තක්කාලි ගෙඩි දෙකක් වගෙ තිබ්බම ඇති.මන් ඔය කියන්නෙ මගේ පදමට මන් හදන විදිහ.මුලින්ම උනුවතුර කොප්පයකට අර මිරිස් කරල් ටික දාල පැය බාගයක් විතර තියල හොන්දට මෙලෙක් කර ගන්නව.ඊට පස්සෙ අර තක්කලි ගෙඩි දෙකයි මිරිස් ටිකයි අඹරගෙන පේස්ට් එකක් හදාගන්නව.ඊට පස්සෙ සුදු ලුණු ගෙඩියකුයි, ගෙඩියක් කිව්වෙ බික් 10ක් විතර තව ඉඟුරු අඟල් එකාමරක් විතර වෙන වෙනම අඹර ගන්න ඕනේ.දැන් තෙල් ටිකක් ලිපෙ තියල රත් වෙගෙන එද්දි එකට පොඩියට කපා ගත්ත ලූණු ගෙඩියක් දාල රන්වන් පාට ගහගෙන එද්දිම අර අපි කලින් අඹර ගත්ත සුඩු ලූණු ඉඟුරු පේස්ට් එක දාන්න ඕනෙ.හොඳට සුදු ලූණූ වල සුවඳ එද්දි පොඩි සැල්දිරි කෑල්ලක් පොඩියට කපාගෙන දානන්ත් පුලුවන්, අවශ්යම නෑ.ඊට පස්සෙ ඒකටම අර තක්කාලි සහ මිරිස් ටිකත් එකතු කරල වතුර කෝප්ප කාලකුත් දාල ,රස අනුව ලුනුත් දාල හොන්දට උකු වෙනනක්න් හින්ද ගන්න ඔනේ.අන්තිමට තව තක්කලි සෝස් මේස හඳි තුනකුයි,සෝයා සෝස් මේස හැඳි දෙකකුයි විනාකිරි තේ හැන්ඩකුයි එකතු කලාම විනාඩි 2කින් විතර වැඩේ ගොඩ තමයි.


ඔය තියෙන්නේ මං ඊයෙ රෑ හදපු සෝස් ටික..

ඊයෙ දවලට උයපු බත් වගයක් ඉතුරු වෙලා තිබ්බ නිසාමයි මන් ඔය සෝස් එක හැඩුවෙ.හීනියට කපාගත්ත කැරට්,ලූණු,බෝංචි අරව මෙව්ව ටිකක් දාල තෙම්පරාදු කරගෙන අපි හදාගන්න හෝම් මේඩ් ෆ්‍රයිඩ් රයිස් එකට ඕකෙනුත් ටිකක් එකතු කරල ශෙස්වාන් රයිස් එකකුත් හැදුව.

ඊයෙ රෑට කාපු ශෙස්වාන් රයිස් එක.
මේ සෙරම ටික කරන්න හරිනම් පැයක්වත් යන්නේ නෑ.කලින් හදල තියගෙන හදිස්සියට බත ගහ ගන්න පුලුවන් නිසා මරු.ඔය ක්‍රමයට අපිට නූඩ්ලෙස් හඩගන්නත් පුලුවන්.ඕකට තව හීනියට කපා ගත්ත ගෝව ටිකකුත් දාල වෙනම වර්ශන් එකකුත් මන් හදා ගන්නව පාන් හරි රොටි හරි කන්න. :)


පලි : මතක් කරල අන්තිමට සීනි චුට්ටකුත් එකතු කර ගන්න...ඉස්සෙල්ල කියන්න අමතක උනා
Share:

12 comments:

  1. එල එල. සති අන්තෙ ගෙදර ගියාම හදල බලන්න ඕනෙ. දයියා දයියා වගේ කියල පේනව ෆොටෝ එකෙන්.

    ReplyDelete
  2. නියමයි...හදල බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. හදල බලලා , කාලත් බලල... අපිටත් කියන්න විස්තරේ

      Delete
  3. බඩු ටික ගෙනැත් දෙන්නං හදල දියං මචං..

    ReplyDelete
  4. නියමයි රස පාටයි .. හදන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. රසයි වගේම ජී..න්ගිත්තක් සැරයි

      Delete
  5. කඩෙන් කෙලින්ම ගන්න එක ලාබයි වගේ..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්ව මාතලන් මේ පැත්තට..!!
      ඕක කඩෙන් ගත්තොත් නම් රතුම රතු පාට රයිස් එකක් තමයි හම්බ වෙන්නේ...මොකද එයාල ඒකට රතු පාට වෙනම දානව

      Delete
  6. ට්‍රයි කරන්න ඕනා හදන්න තැන් කියු වේවා!

    ReplyDelete
  7. අපිත් හැදුව,හොදයි.ටිකක් විතර සැරයි .තව අලුත් දේවල් ලියන්න.බලන් එන්නවා. බොහෝම ඉස්තුතියි !!!!!!!!!

    ReplyDelete

© රාගමයා All rights reserved |