Monday, May 12, 2014

නූතන වහල් දේශය



කටාර් රාජ්‍ය කියන්නෙ ලොකේ තියන ධනවත්ම රටවල් වලින් එකක්.හරියටම කිව්වොත් කටාර් තමයි ලොකේ ධනවත්ම රට.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2013 වසර වන විටත් ඔවුන් සිටින්නෙ අංක 01ට. 1940 වසරෙදි මොවුන් තෙල් නිධි හොයා ගන්නවත් සමගම ඉතාමත්  කුඩා ආර්ථිකයක් තිබ්බ කටාර් රාජ්‍ය අද අත්කරනගෙන සිටින දියුණුව ඉතාමත් විශාලයි.

අනෙකුත් අරාබි රටවල් සමග බලද්දි නම් මොවුන් එකසත් අරාබි එමිර් රජ්යෙන් පසු දෙවනියට ලිහිල් නීති පද්දතියක් තමයි පවත්වාගෙන යන්නෙ. ගැහනු අයට තමන් කැමති ඇඳුමක් අඳින්න පුලුවන්,නමුත් සංවරව අන්දින තරමට හොඳයි මොකද සමහර කටාරි ජාතිකයන්ගෙන් දොෂාරෝපන එල්ලවීමට ඉඩ තියන නිසා. මොනා උනත් ඒක එයාලගෙ රටනෙ.ඊට අමතරව මදයසාර බාවිතයත් යම් පාලනයක් අතුව තියනව.මෙහෙත් ඇති තරම් රත්‍රි සමාජශාලා,පබ්,හෝටල් තියනව.

නමුත් කාරණාව තමයි කොළඹ නගරය වගේ කුඩා ප්‍රදේශයක පමනක් මිනිසුන් ජීවත් වෙන මේ අති දියුණු , අලංකාර වගේම ලොව ධනවත්ම රටේ ඉතාමත් දරුණු විදිහට මානව හිමිකම් කැඩෙනව කියල ඔබට විශ්වාස කරන්න පුලුවන්ද?


දැනට මෙහි පවතින නීති පද්ධතිය අනුව විදෙස් ශ්‍රමිකයන්ට තිබෙන නිදහස සහ වාසි ඉතාලමත් අඩු මට්ටමකයි තවමත් පවතින්නෙ.2022 දී කටාර්හී පැවත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිසා විශේශයෙන් ඉදිකිරීම් ක්ශෙත්‍රයේ අධික රැකියා වෙලඳපොලක් තිබෙනව. මෙම ඉදීකිරීම් ව්‍යාපෘති වල සේවය කරන අඩු අදායම් ලාබී ශ්‍රමිකයන් තමයි ගොඩාක් මෙම අසාධාරනකම් වලට ලක් වෙන්නේ.

Amnesty International ආයතනය කටාර් රජයට ඉතාමත් දැඩි ලෙස චෝදන කරන්නෙ කරුණු කිහිපයක් සඳහ තවමත් ඔවුන් අවදනය යොමු නොකරන්නේ මන්ද කියාය. Amnesty International ආයතනය  පවසන අන්දමට කටාර්හී පෞද්ගලික ආයතන වලින් 80% ටත් වැඩි ගනනක් සේවකයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර නීති විරෝදී ලෙස රඳවාගනී.

දැනට පවතින වීසා අනුග්‍රාහක ක්‍රමයට අනුව ('Kafala' or 'Sponsorship System') සෑම විදෙස් ශ්‍රමිකයෙකුටම රටින් පිටවීමට නම් තම අනුග්‍රහකයාගෙන් (sponsor) අවසර ගත යුතුමය (exit permit). exit permit නැතුව රටින් පිටවීම සිහිනයක්ම පමනි.මේ ක්‍රමය නිසා බොහෝ දෙනෙක් නිවාඩු නොලබා රට තුල සිරවී සිටීමට පව සිදුවන්නේ ඔවුන්ගෙ ආයතන හැකිතාක් ඔවුන්ගෙන් වැඩ ගැනීමට බලන් සිටින නිසාමය. ඊට අමතරව වාහනයක් මිලදී ගැනීමට, බැංකු ණයක් ගැනීමට, ක්‍රෙඩිට් කාඩ් සහ බොහෝ දේවල වලට අනුග්‍රාහකයා අවසර දිය යුතුමය.අවාසනාවකට බොහෝ දෙනෙකුට නොලැබෙන්නේද එයයි.

ඔවුන්ට ඕනෑ ඕනෑ ආකරයට සාදා ඇති මෙම වහල් නීති රීති වෙනස් කරන්න යැයි ජාත්‍යන්තරයෙන් එල්ල වන දැඩි බලපෑම නිසාම තව මාස කිපයක් ඇතුලත නීති ලිහිල් කරන බවට කටාර් රජය නිවෙදනයක් නුකුත් කරල තිබෙනව.හැමෝගෙම බලපොරොත්තුව තමන් කැමති නම් රටෙන් පිටවිය හැකි සහ විසා අවලංගු කිරීමෙන් පසු පැනවෙන අවුරුදු දෙකක රටට ඇතුලුවිය නොහැකි තහනම් කාලය අවලංගු වීමයි.

එතෙක් මේක තමයි ලෝකෙ තියන ධනවත්ම නූතන වහල් දේශය
Share:

6 comments:

  1. මේ කතාව ඇත්ත. මගේ අයියා කටාර් වල අවුරුදු 5 ක් ඉදලා ලගදි ආවේ. එයා වැඩ කලේ JCB ක්‍රියාකරුවෙක් විදියට. තව ට්‍රක් එකකුත් පැදෙව්වා.
    මුලදී මුලදී හරියට පඩි දීලත් තිබුනේ නෑ. අවුරුදු 5 ඉවර වෙනකන්ම හරියට බලපත්‍රයක් දීලා තිබුනේ නෑ. වාහන එලෙව්ට වත්, JCB වැඩ කලාට සහතිකයක් දීලා තිබුනේ නෑ. එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලට ගන්න කඩයක් තිබිලා තියෙනවා. ඒකත් අයිති අයියා වැඩ කරපු කෙනාටම තමයි. පඩියෙන් ගත්තු භාණ්ඩ වල ගාන කපා ගන්නවා.

    සාමානයෙන් JCB වැඩ කරන අයට මෙහෙදිත් ගෙවනවාට වගේ අඩු ගානක් තමයි ඒ අයට ලැබිලා තිබුනේ. අයියා කාලයක් ආමි එකේ හිටියා. ඒ හින්දා ඔන්න ඔහේ කට්ට කාගෙන හිටියා.

    සල්ලි හෙව්වේ රෑ දොළහා විතර වෙනකන්, පොඩි පොඩි වැඩ කරලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙට ඇවිල්ල මිනිස්සු සමහර වෙලාවට පුදුම විදිහට අසරණ වෙනව ඇනෝ..

      Delete
  2. බ්ලොග් එක අපේ සින්ඩියටත් දාන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. රායිට්..දාන්නම්...ස්තූත්යි ආවට !!

      Delete
  3. එක අතකට ඔය රට වලට වැඩිය අපි ඉන්න රටවල වීසා ක්‍රම වල තියෙන ලිහිල් කම ගැන ඇත්තටම සතුටු වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අපේ රටේ විසා ලිහිල් උනාට උන්ට වඩා ආර්ථිකේ පට්ට අවුල්නෙ බන්

      Delete

© රාගමයා All rights reserved |