![]() |
| පින්තූරය මෙතනින් ගත්තේ |
හෙට වෙසක් පෝයට පන්සලකට
යන්ට ආසයි මේ මට
ඇයි..කොල්ලොත් එක්ක රෑ දන්සලකට
චැහ්, එවා කොයින්ද මේ වැල්ලට
හෙටත් උදෙන්ම නැගිටගෙන
මසාලා තේ ටික එක උගුරට බීගෙන
දඩි බිඩි ගා නාගෙන
කට්ට අවුවේ දුවමි වැඩට පිඹගෙන
වෙසක් කූඩු නැත
බකට් නැත
පල්ලි නම් ඇත
ලයිට් දමා හතර අත
හවසට වැඩ ඇරුන ගමන් පිම්මෙන්
යනව පයින්ම පැනල එහා පාරෙන්
දන්සල් කන්න තියන අමර ආසවෙන්
ෆලා ෆිල් දෙකක්ම කනවා තුර්කි කඩෙන්
හිටුකෝ ඊළඟ පාර ආවම
බලනව වෙසක් කොළඹ පුරාම
යන්නේ නම් නෑ එලවනකම්ම
කනව අම්මපා.. දන්සල් සේරම

මටත් ඔහොමම හිතෙනව හැම පාරම
ReplyDeleteමම නම් දන්සල් වලින් කන්න බොන්න එච්චරම කැමති නෑ. ඒත් දන්සල් දෙන්න නම් බොහෝම මනාපයි..
ReplyDeleteඅපිත් ඉතින් ඔහොම හිතලා තමයි හිත හදාගන්නේ..
ReplyDeleteඑකෙන්ම.. මුලින්ම පටන් ගන්නේ මහින්ද මාමගේ දන්සලෙන් :)
ReplyDeleteදුක් නොවී ඉදින්, බොටත් එක්ක ඔක්කොම දන්සල් මම වදින්නම්,
ReplyDeleteලස්සන චිත්රයක් අප්පා.
ReplyDeleteදුකයි තමයි ඒත් හිතේ දුක යන්න අතින් දීලා හරි කාලා හිටිං.... ඊළග පාර කොළඹ දන්සැල් බුක් කරලාම කෑවනං හරිය....
ReplyDeleteපැය ගානක් පෝලිමේ ඉඳලා අල්ලක් විතර පිඟානක් කනවට වඩා හොඳයි හාල් හුන්ඩුවක් ගෙදර රත් කර ගත්තනං
ReplyDeleteI can relate to the feeling of being caught up in everyday life and needing a moment for peace.
ReplyDelete